ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සටහන් කළේ සී ඩබ් ඩබ් කන්නංගර මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුළින් බිහි වූ පාසල් පද්ධතිය තුළින් උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ දිඹු මනම්පිටිය සිංහල දෙමළ මිශ්‍ර පාසල ඇම් ඒ පුංචි සිංඥෝ විදුහල්පති යටතේ 1956 වර්ෂයේ එක් ගුරුවරයෙක් සහ සිසුන් හතළිස් එක් දෙනෙකුගෙන් ආරම්භ වීමට පිඹුරු පත් ඇදිණි. 1957 වර්ෂය දක්වා ඇම් ඒ පුංචි සිංඤෝ විදුහල්පතිතුමාගේ විශ්‍රාම යාමෙන් අනතුරුව 1957 / 03/01 සිට 1959 / 03/01 දක්වා නානායක්කාර මායා යටතේ ගුරුවරයෙක් සහ සිසුන් 32ක් හා 1961 / 01/03 දින ටීඩී නානායක්කාර විදුහල්පතිතුමාගේ විශ්‍රාම යාමේදී ගුරුවරු දෙදෙනෙක් හා සිසුන් තිස්නම දෙනෙක් අධ්‍යාපනය ලබන පාසලක් විය.1961/01/03 ඇල් විජේසිංහ මිය මුල් ආසනේ හෙබවූ අතරින් ඇයට තම ධූරය තුළින් කටයුතු කරන්නට වූයේ දින විසි අටක් තරම් අවම කාලයකි එහිදී නැවතත් ගුරුවරයෙකුගෙන් හා සිසුන් 48 දක්වා වර්ධනය විය. කාලයාගේ ඇවෑමෙන් 1961 / 03 /20 දින වන විට සිංහල දෙමළ මිශ්‍ර පාසලේ එළායත තම්බිදුහල්පතිතුමා භාරයේ පැවැතියේ සිංහල අංශය අයි ඩී ජයසිංහ වැඩ බලන මුල්ගුරු යටතේ වෙන්කර වෙනම සිංහල මහා විද්‍යාලය සිංහල සිසුන් අතරට පත්විය එහිදීම ගුරුවරයෙක් සහ සිසුන් හැට හතර දෙනෙක් සිටියහ.
1962 01 01 සිට 1962 02 19 දක්වාම කාලයෙන් පසු 1970 අගෝස්තු 31 දක්වා ජය කොඩි වැඩ බලන මුල් ගුරුතුමා යටතේ ගුරුවරුන් හතර දෙනකු හා සිසුන් එකසිය විසි එකක් අධ්‍යාපනය හැදෑරූ අතර පසුව 1970 09 01 සිට 1971 01 01 දක්වා සැම්සන් ජයවර්ධන මුල් ගුරුතුමා යටතේ පාසල පවත්වාගෙන ගිය අතරින් ඩීඩී නානායක්කාර වැඩ බලන මුල් ගුරුතුමා යටතේ 1971 01 01 සිට 1973 02 20 දක්වා ගුරුවරුන් හතර දෙනකු හාමි සිසුන් 141ක් සෙවන සලසන ලදී 1973 02 20 සිංහල විද්‍යාලයේ වැඩබාරගත් එම් ඒ ජී කරුණාරත්න මුල්ගුරු යටතේගුරුවරුන් හයක් හා දරුවන් 145 රැඳී සිටි අතරින් ඔහු 1974 12 31 දින නැවතත් ඩීඩී නානායක්කාර මුල් ගුරුතුමා පාසලේ මුල් ආසනේ ලබා දුනි නැවත 1975 01 07 දින එම් ඒ පි කරුණාරත්න මුල් ගුරුතුමා සිංහල විද්‍යාලයේ වැඩ භාර ගන්නා ලදී. 1975 01 30 සිංහල විද්‍යාලයේ නව ඇරඹුමක් සමග නව පාසල් භූමියට ඇතුළත් වීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය විය එහි පළමු විදුහල්පති ලෙස එම් ඒ ජී කරුණාරත්න මහතා මුලසුන හෙබවූ අතරින් පාසල ආරම්භ කිරීමේ උත්සවය කටයුතු දිඹුලාගල ණ්‍ය සේනාසන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් සිදුවූ අතර මේ සඳහා මාණ්ඩලික අධ්‍යාපන නිලධාරීතුමා පොළොන්නරුව දිසාපතිතුමා ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගී වූහ එහිදී පාසල පෝ දිඹුල් මනම්පිටිය සිංහල මහා විද්‍යාලේ නමින් සිසුන්ට අත්පොත් තැබීමට විවෘත විය. එම නව ඇරඹුමත් සමග ් ප්‍රථම වරට ක්‍රීඩා උත්සවයක් පැවැත්වීම ලා ප්‍රදර්ශනයක් පැවැත්වීම ප්‍රථම වරට සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් පෙනී සිටීම වැනි විශේෂ අවස්ථානය වර්ෂය තුළ සිදුවිය. 1977 වර්ෂය වන විට ඩබ්ලිව්වා එච්. පී. ගුණසේකර විදුහල්පති යටතේ පවත්වාගෙන ගියා පාසල තුළින් ගුරු නිවාස දෙකක් ඉදිකිරීම සිදුවිය තවදුරාපොස උසස් පෙළ කලා විෂය ධාරාව ආරම්භ වීම මේ කාල වකවානුව තුළින් විශේෂ අංගයක් විය. 1979 වර්ෂයේ සුළි සුළඟට හසුවීම විනාශ වී ගිය ගොඩනැගිල්ල නැවත සකස් කිරීම සිදු වූ අතරින් 1982 වර්ෂයේ අපොස උසස් පෙළ වාණිජ විෂය ධාරාව ආරම්භ විය 1983 වර්ෂයේ ජනාධිපති අනුග්‍රහයෙන් නිල ඇඳුම් බෙදා දුන් අතරන් 1996 වර්ෂයේ සරණේරිස් දයාවංශ මන්ත්‍රීතුමාගෙන් ම ලැබීම ආදී අවස්ථා පාසලේ වර්ධනය කෙරෙහි බලපා ඇත. 1997 02 07 දින වැඩ භාරගත් ජේ. එම් මුතු බණ්ඩා විදුහල්පතිතුමා ගුරුවරුන් විසිනමයක් හා සිසුන් පන්සියයකගේ මූලිකත්වය ලබා දුන් ඔහුගේ කාලය තුළින් 1988 න දින ජාතික පාසල් ක්‍රීඩා තරඟයෙන් රන් රිදී පදක්කම් ගයාන් සමීර සිසුවා ලබා ගැනීම පාසලට කීර්තියක් ගෙන දුන්නකි.
2002 0214 සිටසිට 2002 05 20 දක්වා කාලයේ ඩබ්ලිව් කොඩිතුවක්කු විදුහල්පතිතුමා කටයුතු කළ අතර නැවත මුතු බණ්ඩා විදුහල්පතිතුමා 2003 09 14 දක්වා මුල් පුටුව හෙබවූ අතර සීඩර්සි විදුහල්පති තුමේ දින අටක කාලයක් මෙම පාසල තුළ තම වගකීම් ඉටුකරන ලදී 2003 09 22 සිට 2008 07 02 දක්වා කාලය තුළින් සමරදාස විදුහල්පති තුමා තම රාජකාර ඉටු කරන ලදී. 2008 වර්ෂයෙන් පසුව ම විද්‍යාලය සීඝ්‍ර වර්ධනයකට මුහුණ පාන ලදී පාසල් දාහක ව්‍යාපෘතිය යටතේ මහින්දෝ දේ තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීමට මෙම පාසල තේරී පත්විය ින්දෝධී තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීමත් සමග අපොස උසස් පෙළ ජීව විද්‍යාව ධාරාවද ආරම්භ ය එවකට විදුහල්පති භූමිකාව ජයන්ත සොයිසාමයා කටයුතු කරන ලදී. 2015 වර්ෂය වන තෙක් ප්‍රාථමික අංශය සමඟ ඒකාබද්ධව එක 13 ශ්‍රේණි දක්වා ක්‍රියාත්මක වූ මෙම පාසල 2016 වර්ෂයේ සිට ද්වීතීක ශ්‍රේණි පමණක් ඇති පාසලක් බවට පත්විය ුව ශිෂ්‍ය සංඛ්‍යාවේ කැපීපෙනෙන අඩුවීමක් සිදුවුවත් වර්තමානය වන විට එම අභියෝගය ජය ගනිමින් සිටියි. 2016 03 28 සිට කේ පීරිස් මයා 2017/1/11දක්වා කටයුතු කළ අතර 2017 / 01 1 1 දින සිට මේ දක්වා එන් විජයරත්න විදුහල්පතිතුමා මෙම පාසලේ උන්නතිය හා සිසු දක්ෂතා කලේ නං වාලීමට මහත් උත්සාහයක් දරයිදින සිට මේ දක්වා එන් විජයරත්න විදුහල්පතිතුමා මෙම පාසලේ උන්නතිය හා සිසු දක්ෂතා කලේ නංවාලීමට මහත් උත්සාහයක් දරයි. විශාල වපසරියක් පුරා විහිදී පවතින ක ප්‍රදේශය මෙම පාසලට ඇත ඒ වැලිකන්ද සෙවනපිටිය වැනි ඈත ප්‍රදේශවල සිට දළුකානු දිඹුලාගල ගල් යාල නැගෙනහිර මැනම් පිටිය වැනි ප්‍රදේශ දක්වා විහිදී පවතී. අක්කර 40ක් පුරා පවතින ාසල වර්ග ප්‍රමාණය නිසා නඩත්තු කිරීම තරමක් අපහසුය පාසල පිටුපසින් මනම්පිටි රක්ෂිත වනාන්තරය පවතින අතර නිතර මින් වනාලි තර්ජන පැමිණි කලාප අධ්‍යාපන කාර්යාලය හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල අභ්‍යන්තරය පවතින බැවින් අද වන විට නිරන්තර අධීක්ෂණයෙන් දියුණුව කරා පා නගන පාසැලකේ.
|
ආරම්භ කළ වර්ෂය |
1956 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව41 |
_ |
|
මුල් ගුරුතුමාගේ නම |
ඇම් ඒ පුංචි සිංඥෝ |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඇම් ඒ පුංචි සිංඥෝ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
_ |
|
පාසලේ නම |
දිඹු මනම්පිටිය සිංහල දෙමළ මිශ්‍ර පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඇම් ඒ පුංචි සිංඥෝ |
|
පාසල රජයට පවරාගත් දිනය |
1956 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ |





